හෙද හෙදියෝ දහස් ගණනක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ

හෙද හෙදියෝ දහස් ගණනක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ

ආණ්ඩුව රහසිගතව හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බැවින් ඊට විරෝධය දක්වමින් සමස්ත ලංකා හෙද සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් අද (26) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී පැවැත්විණි.

හෙද සේවක හිඟය හේතුවෙන් රෝහල් තුළ හට ගෙන ඇති අර්බුදය විසඳීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බලධාරීන් රහසිගතව හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පතක් සකස් කර ඇතැයි සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත පැවසීය.

හෙද සේවයේ බඳවා ගැනීමේ සුදුසුකම් පහත නොහෙළීම සහ ඩිප්ලෝමා සහ උපාධි සම්පූර්ණ කළ සියලු දෙනා සේවයට බඳවා ගැනීම ඇතුළු ඉල්ලීම් රැසක් මෙහිදී හෙද හෙදියෝ ඉදිරිපත් කළහ.

Facebook
Twitter
LinkedIn