පුහුණු මධ්‍යස්ථානයක පිපිරීමෙන් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට… අයෙකුට තුවාලයි…

පුහුණු මධ්‍යස්ථානයක පිපිරීමෙන් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට… අයෙකුට තුවාලයි…

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ සිදුව ඇති පිපිරීමකින් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ.

එම පිපිරීම සිදුව ඇත්තේ එම පුහුණු මධ්‍යස්ථානයේ වෙඩි පිටියේ බෝම්බ නිෂ්ක්‍රීය කරන ස්ථානයේදීය.

අද (26) පස්වරු 5.00ට පමණ සිදුවී ඇති මෙම පිපිරීමෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ නායක ගුවන් භටයෙකු වන තුවාල ලබා ඇති ගුවන් භටයාගේ තත්වය බරපතළ නොවන බවද වාර්තා වේ.

මේ අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ කරන්නේ අදාළ පිපිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

Facebook
Twitter
LinkedIn