දුම්රිය වර්ජනයකුත් නෑ… බස් වර්ජනයකුත් නෑ… පා පුවරුවෙන් වැටී මගියෙක් ජීවිතක්ෂයට…

දුම්රිය වර්ජනයකුත් නෑ… බස් වර්ජනයකුත් නෑ… පා පුවරුවෙන් වැටී මගියෙක් ජීවිතක්ෂයට…

බුලත්සිංහල සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එයින ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල, ගලහේන ප්‍රදේශයේ පදිංචිව සිටී කොග්ගල ආරච්ච්ගේ රම්‍ය කුමාර නමැති 42 හැව්රිදි පුද්ගලයෙකි.

බුලත්සිංහල නාරගල ප්‍රදේශයේ දී බස් රථයෙන් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

පසුගියදා දුම්රිය වහලයේ ගමන් ගත් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර සමාජමාධ්‍යවල ආණ්ඩු හිතවාදී පිරිසක් දිගින් දිගටම චෝදනා කළේ එම නතුරට හේතුව දුම්රිය වර්ජනය බවයි.

Facebook
Twitter
LinkedIn