ලබන ඔක්තෝබර් මස 05 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම් කර තිබේ.
ඒ සඳහා මේ වනවිට ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගද ආබාධයන්ට ලක්ව සිටින මහීෂ් තීක්‍ෂණ සහ ඩිල්ෂාන් මධුසංඛද සංචිතයට ඇතුළත් කර සිටින අතර ඔවුන්ගේ සහභාගිත්වය ශාරීරික යෝග්‍යතාව මත තීරණය වන බව ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
52










