මිහින්තලේ ප්‍රදේශයේ පන්සලක වැඩවාසය කළ හිමි නමක් එම විහාරයේ දායකයන් සමග උරණ වී තමන්වහන්සේ වැඩ විසූ එම විහාරයේ වැසිකිළි පෝච්චිය පවා ගලවා ගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
දායකයන් සමග ඇති වූ උරවීම හේතුවෙන් පසුගිය සැප්තැම්බර් 24 වනදා වෙනත් භික්ෂූන් වහන්සේ නමක් මෙම විහාරයේ විහාරාධිපති හිමියෝ ලෙස පත් කර තිබේ.
ඒ බව සැළවීමෙන් පසුව විහාරස්ථානයට පැමිණි මීට පෙර සිටි හිමිනම තමන්වහන්සේ වැඩ විසූ කාලය තුළ ඉදි කරන ලද වැසිකිළි කිහිපයක පෝච්චි, එහි දොරවල්, මල් පෝච්චි, ධර්ම ශාලාවේ එක් කාමරයක තිබූ සිවිලිම හා දොර, පන්සලට පූජා කර තිබූ පැදුරු කොට්ට, පූජා භාණ්ඩ ඇතුළු බඩු බාහිරාදිය උන් වහන්සේට හිතවත් දායකයන් හා එක්ව රැගෙන ගොස් ඇති බව වාර්තාවේ.
වැඩිදුරටත් සඳහන් වන්නේ විහාරස්ථානයේ තිබූ ශීතකරණයද රැගෙන ගොස් ඇති බවය.
435










