GMOA සහ NPP අතර හමුවක්

GMOA සහ NPP අතර හමුවක්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන, ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ ඇතුළු GMOA නියෝජිතයන් පිරිසක් අද (26) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වෛද්‍ය නිහාල් අබේසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන යන ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් හමුවූහ.

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් මත පටවා ඇති අධික බදු බර හේතුවෙන් රට අත්හැර යාම නිසා මේ වනවිට පර්යන්ත රෝහල්වල සේවා අඩාල වෙමින් යන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් මෙහිදී පෙන්වා දී ඇත.

සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති ජාතික ජන බලවේගයේ නියෝජිතයින් ඒ වෙනුවෙන් කළ හැකි උපරිම මැදිහත් කිරීම සිදු කිරීමට සූදානම් බවද පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn