නොවැම්බර් 13 වැනිදා 2024 අයවැය පාර්ලිමේන්තුවට

නොවැම්බර් 13 වැනිදා 2024 අයවැය පාර්ලිමේන්තුවට

ආණ්ඩුව විසින් 2024 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය 2023 නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් නොවැම්බර් 14 සිට 21 දක්වා දෙවනවර කියවීමේ විවාද පැවැත්වෙන බවත් එහි ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන බවත් මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි.

තුන්වන වර කියවීමේ විවාදය නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා පැවැත්වෙන බව රාජ්‍ය ඇමති පවසයි.

විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව ඇතිබව අමාත්‍ය මණ්ඩලය නිවේදනයේ සඳහන් වන අතර එය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn