ඉන්දීය බෙදුම්වාදී සංවිධානයක් මෙහෙයවන්නෙකු බව පැවසෙන කැනඩාවේ පුරවැසියෙකු වූ සික් ජාතික පූජකයෙකු වූ හර්දීප් සිං නිජ්ජාර් නැමැත්තා කැනේඩියානු භූමියේදී ඝාතනයට ලක්වූ අතර ඒ සම්බන්ධයෙන් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ ඉන්දියාවට චෝදනා කිරීමත් සමග දෙරට අතර ඇතිව තිබෙන රාජත්‍රාන්ත්‍රික ගැටුමට ශ්‍රී ලංකාවද ඈඳෙමින් තිබේ.
මෙරට විදේශ ඇමති මොහොමඩ් අලි සබ්රි ඉන්දියාවේ ක්‍රියාත්මක ANI වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී ඉන්දීය – කැනඩා රාජතාන්ත්‍රික ගැටුමට ඈඳෙමින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ඉන්දියාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශ හෙළා දකින බව පවසා ඇත. එමෙන්ම කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ ඉන්දියාවට චෝදනා කරන්නේ සාක්ෂියක් නොමැතිව ඉතාමත් සාහසිකව බවද වැඩිදුරටත් කැනඩා අගමැතිට චෝදනා කරමින් පවසා ඇත.
මේ වනවිට අලි සබ්රිගේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර මාධ්‍ය රැසක මාතෘකාවක් බවට පත්ව තිබේ.
උතුරු ඇමරිකාවේ රටක් වන කැනඩාව ත්‍රස්තවාදීන්ට තෝතැන්නක් වී අතැයිද කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ සාහසික මෙන්න සනාථ නොකළ කරුණු ඉදිරිපත් කරමින් චෝදනා කරන්නෙකු ලෙස ප්‍රසිද්ධ පුද්ගලයෙකු යැයිද ශ්‍රී ලංකා විදේශ ඇමති මොහොමඩ් අලි සබ්රි තවදුරටත් පවසා ඇත. එමෙන්ම කැනඩාවේ පාර්ලිමේන්තුවේ හිටපු නාසි සොල්දාදුවෙකුට ගෞරව කිරීමට අගමැති ජස්ටින් ටෘෘඩෝ කටයුතු කර ඇතැයිද එසේ කිරීම ප්‍රශ්නකාරී යැයිද ලංකාවේ විදේශ ඇමති එම පුවත් වෙබ් අඩවිය සමග පවසා තිබේ. ඔහු එසේ කටයුතු කිරීම ගැන පුදුම නොවන බවද ඔහු සඳහන් කර ඇත.
කැනේඩියානු අගමැතිට උපදේසයක් ලබා දෙමින් ශ්‍රී ලංකා විදේශ ඇමති මොහොමඩ් අලි සබ්රි පවසා ඇත්තේ ස්වෛරී රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙසය.
“කවුරුවත් වෙනත් රටවලට නහය ඔබා අපේ රට පාලනය කළ යුතු ආකාරය ගැන පැවසිය යුතු යැයි මම හිතන්නේ නැහැ. අපි කාටත් වඩා අපේ රටට ආදරෙයි. ඒකයි අපි අපේ රටේ ඉන්නේ. ඒ ප්‍රකාශය ගැන අපි කිසිසේත්ම සතුටු වෙන්නේ නැහැ. ඉන්දියන් සාගරයේ අනන්‍යතාවය ඉතා වැදගත්. කලාපීය සම්බන්ධතා ශක්තිමත් කළ යුතුයි. අපි අපේ කලාපය ගැන සොයා බැලිය යුතුයි. අපි එකට වැඩ කරන්න ඕන. එහෙම තමයි අපිට සාමකාමී පරිසරයක් හදන්න පුළුවන් වෙන්නේ. අපගේ කටයුතු කෙසේ කළ යුතුද යන්න පිළිබඳව වෙනත් කිසිවකු විසින් අපට අණ කළ යුතු නැහැ.” යැයි ශ්‍රී ලංකා විදේශ ඇමති මොහොමඩ් අලි සබ්රි කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝට අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජනසංහාරයක් පිළිබඳව කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ මීට පෙර ප්‍රකාශ කර ඇතැයිද එය ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කළේ යැයිද සඳහන් කරන විදේශ ඇමති මොහොමඩ් අලි සබ්රි ජාතියක නායකයෙකුගේ වගකීම් විරහිත මෙවැනි ප්‍රකාශයන් සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවට කැනඩාවේ සහ ශ්‍රී ලංකාව තුළ අසමගිය සහ වෛරය ඇති කරන බවද අවධාරණය කර ඇත.
මූලාශ්‍ර – “Terrorists have found safe haven in Canada”: Sri Lankan Foreign Minister Ali Sabry









