ක්‍රීඩා ඇමතිගෙන් ගැසට් පිට ගැසට්

ක්‍රීඩා ඇමතිගෙන් ගැසට් පිට ගැසට්

ශ්‍රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය අප්‍රේල් 11 නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

අප්‍රේල් 11 වනදා මාස 06කට වලංගු වන පරිදි ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස්ගේ සහ එම ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් පසුගිය ජූලි 14 හෝ ඒ ආසන්න දිනකදී අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබිණි.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාලනය සහ දේශපාලන මැදිහත් වීම් හේතුවෙන් ලෝක රග්බි පාලක මණ්ඩලය පසුගිය මැසි මාසය වනවිට ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටද කටයුතු කරන ලදී.

පසුගිය අප්‍රේල් 11 නිකුත් කළ ගැසට් නිවේදනය මගින් පිහිටවූ රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් නව ගැසට් නිවේදනය නිකුත් කළද අප්‍රේල් 11 ගසට්ටුවෙන් අවලංගු කළ ශ්‍රී ලංකා රග්බ් සම්මේලනය යළි පිහුටවන්නේද යන්න සඳහන් කර නැත.

Facebook
Twitter
LinkedIn