ඉහළ සිට පහළ දක්වා මහජනතාව සම්බන්ධ කර ගන්නා ව්‍යූහය හදමින් ශක්තිමත් කරමින් මේ ගමන යනවා – සිවිල් සමාජ ක්‍රියාකාරී එන්.එම් ඉක්‍රම්

ඉහළ සිට පහළ දක්වා මහජනතාව සම්බන්ධ කර ගන්නා ව්‍යූහය හදමින් ශක්තිමත් කරමින් මේ ගමන යනවා – සිවිල් සමාජ ක්‍රියාකාරී එන්.එම් ඉක්‍රම්

“ජනතාවගේ ආණ්ඩුවයි, අපියි මහජනතාව අතර රැඳෙන්නේ ඒ නිසා. මැතිවරණයක් හෝ එවැනි සුවිශේෂී අවස්ථාවක් නොමැතිව කළුතරින් ආරම්භ කළ රැලි නිකවැරටිය දක්වා ඇවිත් ඉන්නවා. මහජනතාවත් එක්ක සංවාද හදාගෙන ගෙවුණු වසර දෙක තුළ අපි මොනවාද කළේ කියලා දැනුවත් කරමින් යනවා. ඉහළ සිට පහළ දක්වා මහජනතාව සම්බන්ධ කර ගන්නා ව්‍යූහය හදමින් ශක්තිමත් කරමින් මේ ගමන යනවා. මහජනතාව අපිත් සමග ඉන්නා තුරු ඒ බලය හොල්ලන්න කිසිවෙකුටත් බැහැ.” යැයි සිවිල් සමාජ ක්‍රියාකාරී එන්.එම්. ඉක්‍රම් අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ සුගිය 11 වනදා ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නිකවැරටියේදී පැවති, “අපේ ආණ්ඩුව – වසර දෙකයි – රටට සුබයි” ජන රැලිය අමතිමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවිල් සමාජ ක්‍රියාකාරී එන්.එම් ඉක්‍රම්,

“මහජනතාවගේ බලය තමන් අතට පවරාගෙන, ඡන්දයෙන් පස්සේ ජනතාව වහල්ලු බවට පත් කළ යුගය අවසන්. දැන් මහජනතාව තමන්ගේ බලය තමන් අතට අරගෙන තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ඉස්සර තිබුණු ආණ්ඩුවලට වඩා වෙනස්. ජනතාවගේ ආණ්ඩුවයි, අපියි මහජනතාව අතර රැඳෙන්නේ ඒ නිසා. මැතිවරණයක් හෝ එවැනි සුවිශේෂී අවස්ථාවක් නොමැතිව කළුතරින් ආරම්භ කළ රැලි නිකවැරටිය දක්වා ඇවිත් ඉන්නවා. මහජනතාවත් එක්ක සංවාද හදාගෙන ගෙවුණු වසර දෙක තුළ අපි මොනවාද කළේ කියලා දැනුවත් කරමින් යනවා. ඉහළ සිට පහළ දක්වා මහජනතාව සම්බන්ධ කර ගන්නා ව්‍යූහය හදමින් ශක්තිමත් කරමින් මේ ගමන යනවා. මහජනතාව අපිත් සමග ඉන්නා තුරු ඒ බලය හොල්ලන්න කිසිවෙකුටත් බැහැ.

ගත වූ වසර දෙකේදී මහජනතාව ආණ්ඩුවත් එක්ක බැඳී සිටිමින් රට ගොඩගැනීමේ හවුල්කරුවන් බවට පත්වී සිටියා. ආර්ථිකය පැත්තෙන් දේශපාලනය පැත්තෙන් වගේම අනෙකුත් සියලුම ක්ෂේත්‍රවලිනුත් අපි ඉදිරියට යමින් සිටිනවා. ඉදිරියට යන මේ ගමන නැවත ආපසු හරවන්න කිසිවෙකුටත් බැහැ.

අපි හැමදාම කියන්නේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන සංස්කෘතිය වෙනස් කර තිබෙන බවයි. ආණ්ඩුව ගන්නට පෙරත්, ගමින් ගම, ගෙයින් ගෙට ගොස් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ආරම්භය ලබා ගත්තා. එය ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් සිටිනවා. පාලකයා සහ මහජනතාව අතර පරතරය අපි අහෝසි කර තිබෙනවා. නාස්තිය සහ දූෂණය අවසන් කර තිබෙනවා. මේ ආර්ථිකය ගොඩගනිමින් සිටින්නේ, ඒ මගිනුයි.

ඒ වගේම මත්ද්‍රව්‍ය උවදුර අවසන් කරන්න සහ සංවිධානාත්මක පාතාලය අවසන් කරන්න විශාල වැඩකොටසක් සිදුකරමින් සිටිනවා. ගෙවුණු වසර දෙක පිළිබඳව ජනතාව දරන ආකල්ප, මේ රැලියට සහභාගී වී සිටින දස දහස් සංඛ්‍යාත පිරිසගෙන් තහවුරු වෙනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්