බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව යළිත් සුළු භූ කම්පනයක් හට ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඊයේ (25) රාත්‍රි 11.20ට පමණ මෙම භූ කම්පන තත්වය හට ගෙන ඇති අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 2.4ක් ලෙස සටහන්ව ඇති බවද එම කාර්යාංශය සඳහන් කරයි.
මීට පෙර එනම් 2023 පෙබරවාරි 10 වනදාද බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව මෙවැනි ආකාරයේ සුළු භූ කම්පන තත්වයක් වාර්තා වී තිබිණි.
Views: 0










