රාජ්‍ය ඇමති ඩී.වී චානකගේ මාමණ්ඩිය වෙඩි තබා ඝාතනය කරලා

රාජ්‍ය ඇමති ඩී.වී චානකගේ මාමණ්ඩිය වෙඩි තබා ඝාතනය කරලා

ඊයේ (23) රාත්‍රියේ ගාල්ලේදි ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබූ අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ විදුලි බල රාජ්‍ය ඇමති ඩී.වී චානකගේ මාමණ්ඩිය වන ලලිත් වසන්ත මෙන්ඩිස් නම් ව්‍යාපාරිකයා බව වාර්තා වේ.

ගාල්ල ඩික්සන් පාරේදී ඊයේ පස්වරු 07.00ට පමණ මෙම වෙඩි තැබීම සිතුව තිබේ.

ඔහු ගාල්ලේ විශාල රෙදිපිළි සැලක් වන කැෂුවල් ක්ලබ් සහ සවුත් සිලෝන් ආයතනයේ හිමිකරු වන අතර ඔහු මෙම ප්‍රහාරයට ලක්වී ඇත්තේ සිය ව්‍යාපාරික කටයුතු අවසන් කර මෝටර් රථයෙන් නිවස බලා යමින් සිටියදීය.

ඝාතකයා විසින් ඔහු වෙත ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි වරුසාවක් එල්ල කර ඇති අතර ඔහුගේ සිරුරේ උණ්ඩ 15ක් පමණ තිබී ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ පවත්වමින් සිටී.

Facebook
Twitter
LinkedIn