අනුරාධපුර, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඟුරු වැව ග්‍රාම සේවා වසමේ කලුආරච්චියාගම ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ නිවාස කිහිපයක වහලෙයන් විශාල ශබ්දයක් පිටවීමකුත් පොලවේ ටයිල් ගැලවී උස් පහත්වීමකුත් සිදුව ඇති බවත් භූ චලනයක් වැනි දෙයක් සි දුවූ බවත් ප්‍රදේශවාසීහු පවසති.
ප්‍රදේශවාසීන් පවසන ආකාරයට මෙම ප්‍රදේශයේ නිවාස කිහිපයකට දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද වහලයෙන් මෙම ශබ්දය ඇසුණු බවත් කළුආරච්චියාගම රංජිත් විමලසේන මහතාගේ නිවසේ බිම්ට අල්ලා තිබූ ටයිල් සියල්ල ඉහළට එසවී පුපුරා ගොස් ඇති බවත් ඔහු සඳහන් කරයි.
ඊයේ රාත්‍රී 10:30ට පමණ එක් වරම තම නිවසෙහි වහලය මත විශාල ශබ්දයක් ඇසී තම බිරිඳ සමග සොයාබැලීමේදී කිසිවක් දැක ගැනීමට නොතිබූ නමුත් නැවත නිවෙස තුළට එමින් සිටියදී සාලයේ තිබුණු ටයිල් එක් වරම ඉදිරියට නෙරා එන ආකාරය සියැසින් දුටු බවත් ඔහු සඳහන් කරයි.
මෙම නිවස ආසන්නයේම පිහිටි තවත් නිවසක එදිනම දහවල් කාලයේ වහලයෙන් විශාල ශබ්දයක් ඇසුණු බවත් එම නිවෙස් හිමියෝ පවසති. කෙසේ වෙතත් ඊට කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි තවත් නිවසකට එදිනම රාත්‍රී 10:30ට පමණ විශාල ශබ්දයක් ඇහුණ බව ප්‍රදේශවාසීහු පවසති.
මේ පිළිබඳව ගල්කිරියාගම පොලිසිය සහ පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කළ බවත් කුමක් සිදු වූයේද යන්න මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකි වී නැති බවත් පැවසේ. ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව බියට පත්වන බැවින් වහාම මේ පිළිබඳව සොයා විද්‍යාත්මක කරුණු පිළිබඳව දැනුවත් කරන ලෙසය.














