පාස්කු වැනි ප්‍රහාර ඉදිරියේදීත් ඇතිවේවි – “සොනික් සොනික්” කියන්නේ ත්‍රස්තවාදියෙකු මෙන් සිටි බුද්ධි අංශ නිලධාරියෙක් – ප්‍රමිත බණ්ඩාර හෙළි කරයි

පාස්කු වැනි ප්‍රහාර ඉදිරියේදීත් ඇතිවේවි – “සොනික් සොනික්” කියන්නේ ත්‍රස්තවාදියෙකු මෙන් සිටි බුද්ධි අංශ නිලධාරියෙක් – ප්‍රමිත බණ්ඩාර හෙළි කරයි

පාස්කු ඉරිදා වැනි ප්‍රහාර ඉදිරියටත් මේ රටේ සිදු විය හැකි බවත් “සොනික් සොනික්” යනු ත්‍රස්තවාදියෙකු සේ වෙස්වලාගත් බුද්ධි අංශ නිලධාරියෙකු බවත් වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව පැවසූවේ පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් “චැනල් 04” හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ පවත්වන දෙදින විවාදයට එක්වෙමිනි.

“පාස්කු ඉරිදා වුනේ රටට එන අන්තිම ප්‍රහාරය කියා හිතන්න එපා” යැයි සඳහන් කළ වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අන්තවාදී හැගීම් තියෙන පිරිස් රට ඇතුළේ මෙන්ම පිටත් ඉන්නා බවත් ඒ අය හොයාගන්නට බුද්ධි අංශ දිවා රෑ නොබලා කටයුතු කරන බවත් සඳහන් කළේය.

පහුගිය කාලයේ පාර්ලිමේන්තුවේ “සොනික් සොනික්” යන වචනයක් රැව් දුන් බවත් “සොනික් සොනික්” යනු අන්වර්ත නාමයකින් පෙනී සිටි බුද්ධි නිලධාරියෙකු බවත් ඔහු ත්‍රස්තවාදියෙක් ලෙස පෙනී සිටිමින් ඉතා අසීරුවෙන් ත්‍රස්තවාදී ජාලයට සූක්ෂ්ම ලෙස රිංගා තොරතුරු ලබාගත් පුද්ගලයා බවත් වැඩබලන ආරක්ෂක ඇමති පැවසීය.

එම කාරණා තේරුම් ගැනීමට තරම් මෙරට පාර්ලිමේන්තුව පරිණත නැති බවත් වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් තවදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn