අධිකරණයේ නඩුවකුත් යන අතරතුර පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමේ සූදානමක්

පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී බහුතර එකඟත්වය ලැබී ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් අපහසුතාවයට පත්වී ඇති බවත් අර්බුදකාරී තත්වයට පිළියමක් ලෙස එසේ භාර දුන් නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කිරීමටත් අද (21) දින පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එලෙස බහුතර එකඟත්වයකට පැමිණ ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

එලෙස ඒකමතික එකඟත්වය හිමි වූයේ අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට එරෙහිව ජාතික ජන බලවේගය ඇතුළු පාර්ශව ගණනාවක් මේ වනවිට අධිකරණය හමුවට ගොස් ඇති අතර මෙවැනි එකඟතාවකට පැමිණ ඇත්තේ එහි නඩු කටයුතු සිදුකෙරමින් පවතින පසුබිමකය.

Facebook
Twitter
LinkedIn