මාතර රාහුලෙන් මැතිවරණයට අඩු වියදම් ක්‍රමයක්

මාතර රාහුලෙන් මැතිවරණයට අඩු වියදම් ක්‍රමයක්

ඕනෑම මැතිවරණය දී අඩු වියදමකින් මාර්ගගත ක්‍රමයට මනාප සටහන් කිරීමේ හැකියාව ඇති තොරතුරු පද්ධතියක් මාතර රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම විසින් නිර්මාණය කර තිබේ.

මාතර රාහුල විද්‍යාලයේදී අද (21) පවත්වා ඇති ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේදී එය භාවිතයට ගනිමින් හඳුන්වා දෙනු ලැබ තිබේ.

වියදම් හා කාලය ඉතිරි කර ගනිමින් මාර්ගගත ක්‍රමයට මැතිවරණයේ සලකුණු කිරීමේ පද්ධතියක් භාවිත කරමින් ඡන්දය පැවැත්වීමේ හැකියාව මෙමගින් උදාවී ඇත.

මෙය භාවිතයට ගනිමින් අද දින සිසුන් හා ගුරු භවතුන් 3,000ට ආසන්න සංඛ්‍යාවක් මෙම ක්‍රමය යටතේ ඡන්දය ප්‍රකාශ කළ අතර එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට ගතව ඇත්තේ පැය තුන හමාරක පමණ කාලයක් වීමද විශේෂත්වයකි.

විදුහල්පතිනී සමිත කුරුකුලසූරියගේ උපදෙස් පරිදි විද්‍යාලයීය වෙබ් කණ්ඩායම භාර ලලනිකා රංගොඩගේ, නුවන් රත්නායක, සජිත් චතුරංග යන ආචාර්‍යවරයන්ගේ මග පෙන්වීමෙන් මෙම අගනා නිර්මාණය සිදුරක ඇත්තේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නදීජ කල්හාර ලියනාරච්චි විසිනි.

තම ලැප්ටොප් පරිගණකය භාවිතයෙන් පැය 04ක් තුළ මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර අවසන් කිරීමට හැකිවී තිබීම තවත් විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn