නිශාන්ත මුතුහෙට්ටිගම යළි රක්ෂිත බන්ධනාගාරයට

නිශාන්ත මුතුහෙට්ටිගම යළි රක්ෂිත බන්ධනාගාරයට

නීත්‍යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු යොදා සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 28 තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර අද (21) නියෝග කර ඇත.

මේ සම්බන්ධයෙන් අද දින විමර්ශණ පැවැත්වු පානදුර වලාන මධ්‍යම දූෂණ මරධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාර කේ.ඒ උදය කුමාර අධිකරණයේ පෙනිසිට කරුණු දක්වා තිබූ අතර ඒ වසරකට ආසන්න කාලයක් තිස්සේ සැකකරු අත් අඩංගුවට නොගැනිමට හේතු දැක්විමට අධිකරණයේ පෙනි සිටින ලෙස මහේස්ත්‍රාත් කරණ ලද නියෝගයකයට අනුවය.

මෙම වාහනයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව ගාල්ල නගරයේදි පසුගිය වසරේ ඔක්තෝබර මස 30වනදින වාහනය නවතා පරික්ෂා කල බව එහිදි මහේස්ත්‍රාත්ගේ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් සහකාර පොලිස් අධිකාර කේ.ඒ උදය කුමාර අධිකරණයේදී සඳහන් කර ඇත.

එහිදි මත්ද්‍රව්‍ය නොතිබු නමුත් වාහනය පදවන ලද පොලිස් කොස්තාපල්ට රියදුරු බලපත්‍රයක් නොතිබූ බවත් වාහනයට අදාල කිසිදු නිත්‍යානුකූල ලේඛණයක් නොතිබූ බවත් සඳහන් කර තිබේ. ඒ අනුව සිදු කළ වැඩි දුරටත් පරකිෂාවේදී වාහනයේ චැසි අංකය සහ වාහනයේ අංකය ව්‍යාජ ඒවා බවත් වාහනයේ අංකය මීගමුව ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ නමින් ලියා පදිංචිව තිබු එකක් බව අනාවරණය වූ බවත් කියා ඇත.

Facebook
Twitter
LinkedIn