කැනඩාවේ පුරවැසිභාවය ලබා සිටි සික් ජාතිකයෙකු ඝාතනය කිරීමට ඉන්දීය රජය ඍජුව සම්බන්ධ බව කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ චෝදනා කිරීමත් සමඟ දෙරට අතර හට ගත් රාජතාන්ත්‍රික ගැටුම මේ වනවිට උත්සන්න වෙමින් තිබේ.
දෙරට අතර රාජත්රාතන්ත්රික ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ඉන්දියාව කැනේඩියානු පුරවැසියන් සඳහා වීසා සේවා නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය ජූනි මස 18 වෙනිදා හරිද්ක් සිං නෙජාහ් නමැති කැනේඩියානු පුරවැසි සික් ජාතිකයාට අයත් දෙවොල අසළදීම ඝාතනය කර තිබූ අතර කැනඩා අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ එම ඝාතනයට ඉන්දීය රජය සම්බන්ධ බව තම ඔත්තු සේවා විසින් ඉතා හොඳින් තහවුරු කර ගෙන තිබෙන බවය. මේ පිළිබඳව ඉන්දියාවේ පැවති G20 රටවලට අයත් රාජ්‍ය නායක සමුළුවේදීද ඉන්දීය අගමැතිවරයා සහ කැනඩා අගමැතිවරයා අතර බරපතළ උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවී තිබේ.
මෙම ඝාතන සිදුවීමෙන් පසු කැනඩාවේ සිටින ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් එරටින් නෙරපා හැරීමට කැනඩා රජය කටයුතු කළ අතර එයට එකට එක කිරීමක් ලෙස දිල්ලියේ සිටින කැනඩා රාජ්‍යතාන්ත්‍රිකයන් දින 05ක් තුළදී රටින් පිටවිය යුතු බව ඉන්දියාව දන්වා තිබිණි.
ඊට අමතරව ඉන්දියාව සහ කැනඩාව අතර වන නිදහස් වෙළඳ ගිවිසුමද අත්හිටුවීමටද ඉන්දියාව ක්‍රියාකර තිබිණි.
මේ වනවිට එහිම දිගුවක් ලෙස මෙලෙස කැනේඩියානු පුරවැසියන් සඳහා වීසා සේවා නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇත.










