ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනවල නාම පුවරු නැතිලු

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනවල නාම පුවරු නැතිලු

මින් ඉදිරියට ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම වාහන මහ පාරේ ගමන් කිරීමේදී “ජනාධිපති ලේකම් කාර්යාල” යැයි සඳහන් නාම පුවරුව එම වාහනවල ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන විසින් එම කාර්යාලයට අනුයුක්ත සියලුම නිලධාරීන්ට සහ රියදුරන්ට නිවේදනයක් මගින් දැනුම් දී ඇත.

එවැනි නාම පුවරු ප්‍රදර්ශනය කරන ඕනෑම වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ නොවන බවත් ඒවා මහජනතාව රැවටීමට උත්සාහ කරන ව්‍යාජ උත්සාහයන් බවත් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන පවසයි.

කෙසේ වෙතත් පසුගියදා විගණන වාර්තාවකින් හෙළිදරව් වූයේ රටේ පොදු නීතියට පිටින් යමින් වසර ගණනාවක් තිස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන රථවාහන රක්ෂණාවරණ නොමැතිව ධාවනය කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ රථවාහන නීතිය අනුව එලෙස රක්ෂණාවරණ නොමැතිව රථයක් ධාවණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එවැනි රථයක් අනතුරට පත්වුවහොත් වින්දිත පාර්ශවයට හිමිවියයුතු රක්ෂණ වන්දිද අහිමී යනු ඇත.

Facebook
Twitter
LinkedIn