අවුරුදු 07ට මත්තල පාඩුව කෝටි 1,364 ඉක්මවයි

අවුරුදු 07ට මත්තල පාඩුව කෝටි 1,364 ඉක්මවයි

මත්තල මහින්දරාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු ආරම්භයෙන් පසු ගෙවුණු වසර 07ක කාලය තුළ එහි පාඩුව රුපියල් කෝටි 1,364 ඉක්වා ඇතැයි මේ වනවිට අනාවරණය වී තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී වරාය, නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කළ කරුණු අනුව මෙය අනාවරණය වී ඇති අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ 2017 වසරේ සිට 2023 වසරේ මාස 09ක කාලය සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආදායම රුපියල් හතලිස්නවකෝටි තිස්නවලක්ෂ හතලිස්අටදහස් අටසිය පනස් නවයක් (රු. 493,948,859) බවය. එම වසර 07 තුළ එහි වියදම රුපියල් එක්දහස්හාරසිය දහතුන්කෝටි අසූහයලක්ෂ අසූඅටදහස් හතලිස්පහක් (රු. 14,138,688,045) බවය.

ඒ අනුව උක්ත වසර 07 තුළ මත්තල මහින්දරාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ රුපියල් එක්දහස්තුන්සිය හැටහතරකෝටි හතලිස් හත් ලක්ෂ තිස්නවදහස් එකසිය අසූහයක (රු. 13,644,739,186) පාඩු ලබා ඇත. එය 2017 වසරේ සිට 2023 වසරේ අදාල කාලය දක්වා ලබා ඇති ආදායම මෙන් 28 ගුණය ඉක්මවා යන්නකි.

එමෙන්ම මෙම වසරේ ගෙවුණු මාස 09 තුළ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආදායම රුපියල් දාසයකෝටි තිස්අටලක්ෂ හැටහත්දහස් හාරසිය දාසයක් (රු. 163,867,416) බවත් මෙම මාස 09 තුළ වියදම රුපියල් එකසියවිසිඑක්කොටි දහතුන්ලක්ෂ අනුහයදහස් හයසිය අසූ හතරක් (රු. 1,211,396,684) බවත් ඔහුගේ කරුණු අනුව තහවුරු වේ. ඒ අනුව මෙම මාස 09ය තුළ ලැබී පාඩුව රුපියල් එකසියහතරකෝටි හැත්තෑපන්ලක්ෂ විසිනවදහස් දෙසිය හැටඅටක් (රු. 1,047,529,268) වන අතර එය ආදායම මෙන් 07ගුණයක් ඉක්මවා යන්නකි.

Facebook
Twitter
LinkedIn