ගෙවුණු දින 10ට ඩෙංගු රොගීන් 900ක් හමුවෙයි

ගෙවුණු දින 10ට ඩෙංගු රොගීන් 900ක් හමුවෙයි

මෙම මාසයේ ගතවු දින 10ක කාලය තුළ පමණක් ‍මෙරටින් ඩෙංගු රෝගීන් 900කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න,

“පසුගිය මාසයේ අපිට රෝගීන් 5,000ක වගේ ප්‍රමාණයකුත් මේ මාසයේ දින 10ක වගේ කාලය තුළ අපිට රෝගීන් 900කට ආසන්න ප්‍රමාණයකුත් වශයෙන් තමා වාර්තා වෙන්නේ. විශේෂයෙන් බස්නාහිර පළාත තමා 50%කට ආසන්න ප්‍රමාණයක් සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් නිරීක්ෂණය වෙන්නේ.

කෙසේවෙතත් පසුගිය වකවාණුව අනුව සංසන්ඳනය කරාම පසුගිය මාසයත් මේ මාසයත් යන දත්ත අනුව රෝගීන්ගේ සැලකිය යුතු අඩුවක් තමා අපි නිරීක්ෂණය කරන්නේ. දෛනික රෝගීන් ඉහළ මට්ටමක සිට පහළ මට්ටමකට පැමිණ තිබෙනවා. දිනකට රෝගීන් 100ක් 125ක් වගේ වාර්තා වෙන තත්වයක් දක්වා. කෙසේනමුත් දැනට වාර්තා වන ආකාරයට දිවයින පුරා කඩින් කඩින් වැසි තත්වයක් පවතිනවා. එම නිසා මේ ප්‍රදේශවල මදුරු ගහනය වැඩිවිය හැකි අවදානමක් තියෙනවා.”

Facebook
Twitter
LinkedIn