දුම්රිය සහායකයින් වැඩ වර්ජනයකට සැරසෙති

දුම්රිය සහායකයින් වැඩ වර්ජනයකට සැරසෙති

දුම්රිය සහායකයින්ගේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (12) වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය තීරණය කර තිබේ.

එම සංගමය සඳහන් කරන්නේ දුම්රිය පාලනාධිකාරිය වෙත දැනුම් දෙමින් මෙම වර්ජන ක්‍රියා මාර්ගය හෙට සිදුකරන බවය.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ වසර 05කට ආසන්න කාලයක් ප්‍රමාද කර ඇති ශ්‍රේණි උසස්වීම් කඩිනම් කරන ලෙස දීර්ඝ කාලයක සිට ඉල්ලා සිටියද ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මෙම වර්ජනය දියත් කරන බවය.

Facebook
Twitter
LinkedIn