ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
සිය වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර වංචා ක්‍රියා සිදු කරන බවට තැපැල් දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇති බවත් එය වංචනික පිරිසකගේ ක්‍රියාවක් බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියකින් මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබාගන්නා මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව කියන තැපැල් දෙපාර්තමේන්තුව එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යැයි සිතා කිසිදු මාර්ගගත ගනුදෙනුවක් නොකළ යුතු බවද සඳහන් කරයි.
Views: 0









