සෝමපුර විදුහලට අලි ගහලා

සෝමපුර විදුහලට අලි ගහලා

කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සේරැනුවර කොට්ඨාසයේ පිහිටි සෝමපුර ආදර්ශ විද්‍යාලයට වන අලි ප්‍රහාරයක් එල්ලවි ඇති බව වාර්තා වේ.

සේරැ නුවර පොලිසිය පවසන්නේ එම විදුහලට කඩා වැදී ඇති වන අලි ප්‍රාථමික පංති පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ලකට පහරදි හානි සිදුකර ඇති බවය.

එම ගොඩනැගිල්ලේ බිත්තිවලට දොරට හා ආරක්ෂිත කම්බි දැලට මෙලෙස හානි කර ඇති අතර මේ හේතුවෙන් සිසුන්ගේ නිර්මාණවලට මෙන්ම සිසුන්ගේ උපකරණවලටද හානි සිදුවි තිබේ.

විදුහල්පති ඉෂාර මංජුල ප්‍රියන්ත පවසන්නේ හානිවු ගොඩනැගිල්ලේ පංති පවත්වාගෙන යැම අවදානම් බවත් මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන කාර්යාලය හා වන ජිවි දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවත්ය.

Facebook
Twitter
LinkedIn