එක්සති ජාතික පක්ෂයේ ප්‍රධානියෙකු වන දයාගමගේට අයත් බිම්පුත් ෆිනෑන්ස් සමාගම අඛණ්ඩව නීතිවිරෝධීව කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසා දමා තිබේ.
මේ වසා දැමීම පිළිබඳව නිල නිවේදනය නිකුත් කළ ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබෙන්නේ මූල්‍ය නීති ගණනාවක් අඛණ්ඩව කඩ කරමින් මෙම සමාගම පවත්වාගෙන ගිය බවය. එම නිවේදනය අනුව මූල්‍ය නීති කඩ කළ බව හෙළි වූ මුල්ම අවස්ථාවේ එය වසා දැමීමට ක්‍රියා කර නැති බව පැහැදිලිය.
විශේෂයෙන්ම ඌන ප්‍රාග්ධන මට්ටමක් පැවතීම, ගුණාත්මක බවෙන් අඩු වත්කම් සහ අඛණ්ඩව අලාභ ලැබූ බවත් එම නිවේදනයේ දැක් වේ. මෙම සමාගමේ මුදල් තැන්පත් කර තිබූ තැන්පත්කරුවන් හට රුපියල් ලක්ෂ 11ක උපරිම රක්ෂණ වන්දියක් ලබා දෙන බව මහ බැංකු නිවේදනයේ දක්වා තිබේ.
බිම්පුත් ෆිනෑන්ස් පී එල් සී 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත්කල බලපත්‍රය අවලංගු කිරීම
Views: 0










