‘මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ දෙදෙනෙකුට පමණයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

‘මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ දෙදෙනෙකුට පමණයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

‘මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ රෝගීන් දෙදෙනෙකුට පමණක් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරන්නේ ගාල්ල බන්ධනාගාරයේ මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇති බව පරීක්ෂණ හරහා තහවුරු වී ඇත්තේ එක් පුද්ගලයෙකුට පමණක් බවය.

එමෙන්ම කොළඹින් වාර්තා වූ අනෙක් රෝගියාත් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සුව අතට පත් වෙමින් සිටින බවත් ඔහු ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අත්තිඩිය ප්‍රදේශයේ සේවය කර ඇති බවත් ඔහු පවසයි.

ඇතැම් මාධ්‍යය හරහා ‘මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය කොළඹටත් පැතිර ඇති බවට වැරදි මත ප්‍රචාරය කරන බවද වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසන්නේ ‘මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය වූවන් මීට පෙර වසරවලද කොළඹ ඇතුළුව ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවය.

මේ අතර, ගාල්ල කරාපිටිය රෝහලේ දී ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණ මියගිය කුඩා දරුවෙකුට මෙම රෝගය වැළඳි ඇති බවට සැක පළ කළද එම දරුවාට මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස් රෝගය නොතිබූ බවට පරීක්ෂණ හරහා සනාථ වී ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණනර් වැඩිදුරටක් ප්‍රකාශ කරයි.

මෙනින්ගොකොකල් බැක්ටීරීයාව ආසාදනය වන අකාරය පිළිබඳ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍ය ලිලානි කරුණානායක පවසන්නේ.

“මෙය බැක්ටිරියා මගින් ඇති වන රෝගයක්. මේක ව්‍යාප්ත වෙන්නේ සෙම සහ කෙළ මගින්. සමීපතමයන් අතර තමයි මේක ව්‍යාප්ත වෙන්නේ. ප්‍රජාව අතර ව්‍යාප්ත වෙනවාට වඩා නිවැසියන් අතර ව්‍යාප්තිය වැඩි. ඉතාම සමීප ඇසුරක් තිබෙන අයට තමයි ව්‍යාප්ත වෙන්නේ. රෝග ලක්ෂණ ගත්තොත් මෙනින්ජයිටීස් කියන්නේ සංකූලතාවයක්. ඊට අමතරව නියුමෝනියා සහ සෙප්සීස් කියන සංකූලතා ඇති වෙන්න පුළුවන්. අපේ රටේ මේකේ කාණ්ඩ පරීක්ෂා කරලා තියෙනවා. මෙහෙ තියෙන්නේ B සහ C යන වර්ග දෙක පමණයි. ඒක වසංගත රෝගයක් ලෙස පැතිරෙන්නේ නැති ලංකාවේ ආවේනික රෝගයක් විදියට තමයි යන්නේ.”

Facebook
Twitter
LinkedIn