මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් 08ක නේවාසික රෝගින්ට වියලි ආහාර සැපයිම වෙනුවෙන් ගෙවි ගිය මාස හතරක කාලයක් සදහා ලැබිය යුතු මුදල් ඉල්ලා සැපයුම්කරුවෝ තිදෙනෙකු ත්‍රිකුණාමලයේ පිහිටි පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
මින් එක් සැපයුම්කරැවෙකුට රුපියල් මිලියන 15ක්ද තවත් සැපයුම්කරුවකුට රැපියල් මිලියන 06ක්ද ඉතිරි සැපයුම්කරුට රැපියල් මිලියනයක්ද මෙලෙස ගෙවිය යුතු බව සැපයුම්කරුවෝ පවසති.
තමන්ට මෙම මුදල් ලැබෙන තෙක් විරෝධය අත් නොහරින බවද එම සැපයුම්කරුවෝ ප්‍රකාශ කරති
පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම් කොස්තා මේ සම්බන්ධයෙන් පවසන්නේ මුදල් නොලැබිමේ ප්රශ්නය විසදා ගත යුත්තේ මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සමග බවය.
ගිවිස ගත් කොන්ත්‍රාත් මුදලට පිටින් කටයුතු කළ නිසා මේ අර්බුදය හටගෙන ඇති බවත් එයට වගකිව යුත්තේ මඩකලපුව ප්ර්රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ බවත් පළත් අධ්යක්ෂ පවසයි.










