බෙහෙත් සැපයුම්කරුවන්ට කෝටි 1,100ක් ණයයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

බෙහෙත් සැපයුම්කරුවන්ට කෝටි 1,100ක් ණයයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1,100ක හිඟ බිල්පත් ගෙවීමට ඇති හෙයින් ඔවුන් ඖෂධ සැපයීමට අදිමදි කරන තත්වයක් උද්ගතව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසන්නේ එම හිඟ බිල්පත් ගෙවීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් දැනටමත් මුදල් ඉල්ලා ඇති බවත් එම මුදල් අදියරෙන් අදියර මුදාහැරීමට මහා භාණ්ඩාගාරය එකඟවූ බවත්ය.

ඊට අමතරව තවත් කෝටි 300ක් වෙනත් ආනයනකරුවන්ට ගෙවීමට ඇති බවද අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසයි.

Facebook
Twitter
LinkedIn