‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය සාර්ථකව සඳට පතිත කිරීමේ ජයග්‍රහණයෙන් පසු, ඉන්දීය අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ඉස්රෝ’ අද (02) හිරු ගවේෂණයට යානයක් යැවීමට සැලැසුම් කර තිබේ.
‘ආධිත්‍යා එල් 1’ යනුවෙන් නම් කර ඇති එම යානය, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක ආධාරයෙන්, අද උදෑසන 11.50ට පෘථිවි කක්ෂයට යැවීම සිදුවිය.
‘ආධිත්‍යා එල් 1, යානය හිරු අසළට නොයන අතර යානය, හිරු සහ පෘථිවිය අසල ‘ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය’ යනුවෙන් තාරකා විද්‍යාඥයන් හඳුන්වන ස්ථානයේ රඳවා තැබෙන බවත්, එහි සිට හිරු ගවේෂණය සිදු කරන බවත් ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පැහැදිලි කර තිබේ.
‘ආධිත්‍යා එල් 1’ ගවේෂණ යානය, ‘එල් 1’ යනුවෙන් හැඳින්වෙන්නේ, හිරු සහ පෘථිවිය අතර පිහිටි ‘එල් 1’ ලග්‍රාන්ජ් ලක්ෂයේ රඳවා තැබෙන නිසාය. මෙම ස්ථානය ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5ක දුරකිනි.
ඉන්දීය විද්‍යාඥයන්, ‘ආධිත්‍යා එල් 1’ යානය නිපදවීම ආරම්භ කළේ 2008 වසරේදී වන අතර යානය නිපදවීමට ඉන්දීය රුපියල් කෝටි 378.53ක් වැය වී ඇති බව පැවැසේ. ‘ආධිත්‍යා එල් 1’ යානය කිලෝ ග්‍රෑම් 400ක් බරකින් යුක්තය.
VIDEO | Aditya L1, India's maiden solar mission, launched from Satish Dhawan Space Centre (SDSC) SHAR in Sriharikota, Andhra Pradesh.
— Press Trust of India (@PTI_News) September 2, 2023
(Source: @isro) #AdityaL1Launch #AdityaL1Mission pic.twitter.com/PEwsUVp08E










