1973 සැප්තැම්බර් 11වැනිදා චිලියේ පැවති Salvador Allendeගේ සමාජවාදී ආණ්ඩුව පෙරලා දැමු හමුදා කුමන්ත්‍රණයට වසර 50ක් පිරෙන මේ මොහතේ ලොව පුරා ප්‍රගතිශීලින්ගේ, මානව හිතවාදීන්ගේ හා වාමාංශික ව්‍යාපාරවල වික්ටර් හාරා ඝාතකයන්ට එරෙහිව එරට අධිකරණය ලබා දුන් දඬුවම් පිලිබඳ දැඩි කතාබහට ලක් වෙමින් පවතී. චිලි රාජ්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණය තම අවසන් තීන්දුව ලබා දී පැය 24ක් යාමටත් පෙර චුදිත හමුදා ජෙනරල් වරයෙකු වන Hernan Chacon විසින් සිය දිවි හානි කරගෙන ඇතිබව මේ අතර වාර්තා වේ. අවසන් නඩු තීන්දුවෙන් පසු ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ දී චූදිත ජෙනරල්වරයා රිවෝලවරයකින් හිසට වෙඩි තබාගෙන මෙසේ තම ජීවිතය අවසන් කර ගෙන ඇත.
“1973 සැප්තැම්බර් 11 වැනිදා Augusto Pinochet සිදුකල හමුදා කුමන්ත්රණයෙන් පසු දින ජනප්‍රිය ගායක වික්ටර් හාරා සහ එවකට බන්ධනාගාර අධ්යක්ෂව සිටි Littré Quiroga ඝාතනය කිරීම සම්බන්ධයෙන් අනෙකුත් නිලධාරීන් හත්දෙනෙකු සමඟ වරදකරු වූ විශ්‍රාමික හමුදා ජෙනරාල් Hernan Chacon ඔහු සිරගත කිරීමට ටික වේලාවකට පෙර අගෝස්තු 29 අඟහරුවාදා සියදිවි නසා ගෙන ඇත” යයි චිලී රජයේ නීතිපති Claudio Suazo මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. පොලිසිය ඔහුගේ නිවසට ගිය අවසථාවේදී 85 හැවිරිදි Hernan Chacon, ඔහුගේ ඖෂධ ලබා ගැනීම සඳහා යයි කියා තම කාමරයට වෙතට යාමට අවසර දෙන ලෙස ඉල්ලා ඇත. ඒ අවස්ථාවේදී ඔහු තම පුද්ගලික ආයුධය රැගෙන හිසට වෙඩි තබා ගෙන සියදිවි නසා ගත් බව ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් මාධ්‍ය පවසා සිටියේය.
සඳුදා එනම් අගෝස්තු 28 වැනිදා ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව 1973 හමුදා කුමන්ත්රණයේදී එවකට හමුදා මේජර් වරයෙකු වූ Hernan Chacon සන්තියාගෝ අගනුවර ක්‍රීඩාංගනයට ගාල් කල සිරකරුවන් 5,000ක් තෝරාගෙන ප්‍රශ්න කිරීම සඳහා සහභාගී වී ඇත. සැල්වදෝර් ඇලෙන්ඩේගේ සමාජවාදී රජය සමයේ එරට බන්ධනාගාර අධ්යක්ෂ Littré Quiroga හා වික්ටර් හාරාගේ ඝාතනවලට චූදිත ජෙනරල්වරයා සහභාගී වී ඇති බව අදාල විමර්ශනවලදී හෙළිදරව් වී ඇත. නමුත් නඩු විභාගයේදී Hernan Chacon මෙම චෝදනා නිතරම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ තමා එම ක්‍රීඩාංගනයේ බාහිර ආරක්ෂාව සහතික කිරීමට පමණක් සහබාගී වූ බව පවසමිනි.
අධිකරණය එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එවැනි රාජකාරියක් ඔහුගේ නිලයේ තරාතිරමට අනුව හෝ රැස් කරගත් ද්‍රව්‍යමය සාක්ෂි සහ වාචික සාක්ෂි සමග අනුකූල නොවන බව ප්‍රකාශ කරමිනි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කරන ලද අභියාචනාධිකරණයේ 2021 වසරේ ලබා දුන් තීන්දුව උපුටා දක්වමින් සඳහන් කරනු ලැබුවේ ජෙනරල් Hernan Chacon යනු සාමාන්‍ය නිලධාරියෙකු නොව උපායශීලී සහ බුද්ධිමය දැනුමක් තිබූ පුද්ගලයෙකු බවයි. ක්‍රීඩාංගනයේ ලොකර් කාමරවල සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලට කෙලින්ම මැදිහත් වීමට පෙර රැඳවියන් වර්ගීකරණය කිරීමේ ක්‍රියාවලියේදීත්, ප්‍රශ්න කළ යුත්තේ කවුරුන්ද, කුමන ආකාරයටද යන්න තීරණය කරමින් සොල්දාදුවන්ට හා තම පහළ නිලධාරීන්ට උපදෙස් දීමට පමණක් නොව වික්ටර් හාරා සහ Littré Quiroga යන සිරකරුවන්ට වද හිංසා කිරීම සඳහාද ඔහු ඍජුවම සහභාගී වී ඇත.
“ඔහු සිරකරුවන් තේරීමේ ක්‍රියාවලියට සහභාගී වූ බවට හා ඔවුන්ගෙන් ලබා ගත් තොරතුරු සනාථ කර ඒවා ඔහුගේ ප්‍රධානීන්ට වාර්තා කර ඇති බව තහවුරු කරන ලිය කියවිලි රාශියක් මගින් ක්‍රීඩාංගනයේ සිදු වූ අපරාධ සඳහා ඔහුගේ මැදිහත් වීම ඔප්පු කර ඇත. එබැවින් ඔහුගේ රාජකාරිය වූයේ සිර කඳවුර අවට ආරක්ෂා කිරීමට යන්න ඔහුගේ ප්‍රකාශය පිළිගත නොහැක. සාක්ෂිකරුවන්ට අනුව, මේජර් Hernan Chacon එවකට මිලිමීටර් 9 වර්ගයේ STYER පිස්තෝලයක් නිතර පැළඳ සිටි අතර, අධිකරණ වෛද්‍ය වාර්තාවලට අනුව වික්ටර් හාරා සහ Littré Quirogaගේ මරණයට හේතු වූ තුවාලවල තාක්ෂණික වාර්තා සමඟ සැසඳූ විට ඉතා පැහැදිලිවම එම තුවාල සමග අදාල ආයුධය හා භාවිතා කරන ලද උණ්ඩ සමපාත විය. ඒ අනුව ඔහු සිරකරුවන් ප්‍රශ්න කිරීම්වලදී සෘජුවම මැදිහත් වී ඇති බව විමර්ශනයෙන් ඔප්පු විණි” යයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තම තීන්දුව ලබා දෙමින් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
දැනට වයස අවුරුදු 73ත් 86ත් අතර වයස්වල පසුවන හාරා සහ ක්විරෝගාගේ ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු හමුදා සාමාජිකයින් හත්දෙනා මෙම මානව විරෝධී ක්‍රියාවන්ට සහභාගී වීම වෙනුවෙන් කර්නල්වරුන්ගේ සිට බ්‍රිගේඩියර්වරුන් දක්වා චිලී හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලයන් ලබා ගැනීමට සමත් වී ඇත. කෙසේ වෙතත් එරට මාධ්‍ය පෙන්වා දෙනුයේ පිනෝෂේ පාලන සමයේ මෙසේ ඝාතන සිදු කර වරදකරුවන් වී සිය දිවි නසා ගත් පළමු හමුදා ජෙනරල් වරයා Hernan Chacon නොවන බවයි.
2005 ජනවාරි 17 වන දින, ඔගස්ටෝ පිනෝචේගේ (1973-1990) ඒකාධිපති පාලන සමයේදී ක්‍රියාත්මක වූ රහස් පොලිසිය වන ජාතික බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ (DINA) ප්‍රධානි විශ්‍රාමික කර්නල් ජර්මන් බැරිගා, එසේ නඩු විභාගය අතර තුරදී සිය දිවි නසා ගත්තේය. 1976 දී චිලියේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් පැහැරගෙන ගොස් සිරගත කිරීම ගැන චෝදනා ලැබ වරදකරු වූ විශ්‍රාමික ජෙනරල් Odlanier Mena, 2013 සැප්තැම්බර් 28 වන දින, රඳවා සිටි සිරගෙදරින් සති අන්ත නිවාඩුවක් ලබාගෙන ලාස් කොන්ඩේස් හි පිහිටි ඔහුගේ නිවසේදී සිය දිවි නසා ගත්තේය.
2015දී, විශ්‍රාමික ජෙනරාල් හර්නන් රමිරෙස් රුරේන්ජ් සියදිවි නසා ගත්තේ 1995 දී මොන්ටෙවීඩියෝ හිටපු ජෛව රසායන විද්‍යාඥ ඉයුජිනියෝ බෙරියෝස් ඝාතනය සම්බන්ධයෙන් පුන්ටා පියුකෝ හි සිරදඬුවම් විඳීමට ටික කලකට පෙරය. පිනෝෂේගේ පාලනයට එරෙහි විරුද්ධවාදීන්ට මරා දැමීමට සාරින් වායුව සංවර්ධනය කිරීම මාධ්‍ය වෙත හෙලිකිරීම හේතුවෙන් විද්‍යාඥ ඉයුජිනියෝ බෙරියෝස් මරා දැමීමට අදාල ජෙනරල් වරයා වරදකරු වී තිබිණි. 1980 දශකයේදී ජෙනරල් රමිරෙස් රුරේන්ජ් පිනෝෂේ පාලනයේ හිටපු හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා විය.
හමුදා කුමන්ත්රණයේ 50 වැනි සංවත්සරය මෙසේ සමීප වෙද්දී චිලි රාජ්‍යයයේ ශ්‍රේෂ්ඨාධිකරනය පසුගිය අගෝස්තු 29 වන අඟහරුවාදා Salvador Allendeගේ සමාජවාදී රජයේ හිටපු අභ්‍යන්තර ආරක්ෂක කටයුතු අමාත්‍යවරයා වූ José Tohá ඇතුලු පිනෝෂේ පාලනය විසින් ඝාතනය කරන ලද පුරවැසියන් අට දෙනෙකුට මරණින් පසු හිමිවන විශේෂ නීතීඥ පදවියන් පුදකර තිබේ. José Tohá යනු චිලියේ නව වාමාංශික පාලනයේ ජනාධිපති Gabriel Boricගේ රජයේ වත්මන් අභ්‍යන්තර කටයුතු සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය වන Carolina Tohá Morales ගේ පියාවේ.










