රනිල්ගෙන් “ක්ලැසික්” බණක්

රනිල්ගෙන් “ක්ලැසික්” බණක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් විවිධ මාධ්‍ය මෙහෙයුම්වල නිරතව සිටින අශෝක ජයතුංග මෙම සති අන්තයේ “ජනපති e කොලම” තුළින් “රනිල්ගෙන් හිමිවරුන්ට ක්ලැසික් බණක්” යන සිරස්තලයෙන් සටහනක් තබා ඇත.

එහි සඳහන් කර තිබෙන්නේ දළදා පෙරහැර නැරඹීමට ගොස් මහ නා හිමිවරුන් වැඳපුදා ගැනීමෙන් පසුව සිදු කළ සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහ නා හිමිවරුන්ට බණ දේශනා කළ බවය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ “එය නොම්මර එකේ ක්ලැසික් බණක් ලෙසද විග්‍රහ විය” යනුවෙන්ය.

ඊට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සතියේදී සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එල්ල වී තිබෙන විශ්වාසභංග යෝජනාවෙන් බේරාගැනීම සඳහා කටයුතු කරන ආකාරයද විග්‍රහ කර තිබේ.

Facebook
Twitter
LinkedIn