Twitter, ඇමතුම් වෙත පිවිසෙයි

Twitter, ඇමතුම් වෙත පිවිසෙයි

ට්විටර් හෙවත් “X” සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට මේ වනවිට කටයුතු කරමින් පවතින පව එහි හිමිකරු එලෝන් මස්ක් පවසයි.

සිය ගිණුමෙන් ඔහු පෙන්වා දෙන්නේ වීඩියේ සහිතව හා රහිතව ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව මේ හරහා ලබාදෙන බවය.

ඒ සඳහා දුරකතන මෙහෙයුම් පද්ධති හිමිකරුවන් සමග සාකච්ඡා පැවැත්වූ බවත් දුරකතන අංකයකින් තොරව මෙම ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙන බවත් ඔහු පවසයි.

එලෝන් මස්ක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීමෙන් අනතුරුව ඒ වෙත ප්‍රධාන වෙනස්කම් රාශියක් හඳුන්වා දෙමින් සිටී.

Facebook
Twitter
LinkedIn