මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සියල්ල සූදානම්

මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සියල්ල සූදානම්

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 24 වන වරටත් ලබන සැප්තැම්බර් 22 වනදා සිට ඔක්තොම්බර් පළමුවනදා දක්වා දින 10ක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බවත් ඊට අදාල සංවිධාන කටයුතු සියල්ල සූදානම් බවත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයන්ගේ සංගමය පවසයි.

විශේෂ වට්ටම් යටතේ තමන්ට අවශ්‍ය සියලු පොත් මිලදී ගැනීමට එහිදී පාඨකයින්ට අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn