පසුගිය 2014දී සුප්‍රසිද්ධ සලාකා සූදුපොළ වැටලීමේ සිදුමෙන් පසු නිතර නම කියැවුනු සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියගේ මරණය මිනීමැරුමක් බවටකොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල තීන්දු කරමින් ප්‍රකාෂයට පත් කර තිබේ.
ඒ අනුව, අදාල අපරාධයට සම්බන්ධ සියළු පාර්ශ්වයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝගකොට ඇත.
රාජ්කුමාරිගේ මරණය සිද්ධ වී තිබුනේ මෙම 2023 වසරේ සුධර්මා නෙත්තිකුමාර විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව, වැලිකඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීමෙන් පසුව මැයි මාසයේ 11 වනදා පොලිස් අත්අඩංගුවේ සිටිය දීය.
456










