පසුගිය වසරේ මුල් මාස 06ට වඩා මෙම වසරේ මුල් මාස 06 තුළ අයවැය හිඟය රුපියල් මිලියන 33,989කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාවලින් අනාවරණය වේ.
රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති සහ ජනාධිපති ලෙස රටේ ආර්ථිකය ගොඩනගිමින් සිටින බව ප්‍රචාරය කරන අතර විශාල වශයෙන් අයවැය හිඟය ඉහළගොස් තිබීම විශේෂත්වයකි. පසුගිය 2022 වසරේ ජනවාරි සිට ජුනි දක්වා මාස 06 තුළ රුපියල් මිලියන 90,268ක් වූ අයවැය හිඟය මෙම වසරේ එම කාලය තුළ හිඟය රුපියල් මිලියන 124,257ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර රටේ ණය බර ඉහළයාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දීම සඳහා මුදල් අමාත්‍යාංශය සකස් කළ වාර්තාව සහ මහ බැංකුවේ දත්ත ප්‍රකාශන අතර වෙනසක් පවතින බව නිරීක්ෂකයන් හෙළි කර තිබේ. ඒ පිළිබඳ වැඩිවිස්තර ඉදිරියේදී බලාපොරොත්තුවන්න.
Views: 0










