මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලාගේ ඥාති පුත්‍රයෙකු වන උදයංග වීරතුංග පසුගිය 20 වෙනිදා මව්බිම පුවත්පතට ලබා දී තිබෙන සම්මුඛ සාකච්ඡාවෙන් විදේශ තානාපති සේවයට ලෝක හොරුන් පත් කිරීම පිළිබඳව ද හෙළිදරව් කර තිබේ.
එම පුවත්පතේ මාධ්‍යෙව්දි තිස්ස කොරතොට “උදයංගට කොහෙන්ද මෙච්චර සල්ලි?“ යනුවෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ඔහු 1985 ශිෂ්‍යත්වයක් මත රුසියාවේ අධ්‍යාපනය ලැබීමට ගිය ආකාරයත් ඉන්පසුව මූල්‍ය අපරාධවලට මුල පිරූ ආකාරයත් හෙළි කර තිබේ. “යුක්‍රේනයේ උප නගරාධිපති කෙනෙක් ඉන්නවා විදේශ ශිෂ්‍යයෝ වෙනුවෙන්. මං ගිහින් මෑන් හම්බ වෙනවා. පොඩි පොඩි පගා දීලා මිනිහව යාලු කර ගන්නවා.“ යනුවෙන් සඳහන් කර ඇත.
එසේම, “මං උප නගරාධිපතිව යාලු කර ගෙන මාසෙකට සැරයක් ජර්මන් යනවා. ගිහින් පොඩි පොඩි බඩු ගෙනත් විකුණනවා. මං තෑගිත් ගෙනත් දෙනවා උප නගරාධිපතිට. ඒ මිනිස්සු ආස කරන දේවල් අරන් දෙනවා. එයාලාට
මම විශ්වාසවන්ත හොඳ යාලුවෙක් වෙනවා.“ යනුවෙන් පිළිතුරු ලබාදී ඇත.මෙවැනි මූල්‍ය අපරාධ සහ ජාත්‍යන්තර ජාවාරම් සිදුකළ උදයංග වීරතුංග මහින්ද රාජපක්ෂ විසින් රුසියාවේ තානාපති ධුරයට පත් කරනු ලැබීය. මෙවැනි බොහෝ දෙනෙක් තානාපති සේවා වරප්‍රසාද යොදා ගනිමින් මූල්‍ය වංචා සිදු කළ ආකාරය හෙළි වී තිබිණි.










