වියට්නාමය ඇමරිකාව හොල්ලයි

වියට්නාමය ඇමරිකාව හොල්ලයි

ඇමරිකානු නිව්යෝක් කොටස් වෙළඳපොලට එක් වුණු වියට්නාමයේ Vinfast විදුලි මෝටර් රථ සමාගම වාර්තා පිහිටුවමින් වෙළඳපොලේ ඉදිරියට ඇදෙමින් පවතී.

Vinfast විදුලි මෝටර් රථ සඳහා බටහිර සහ නැගෙනහිර යුරෝපා රටවල අති විශාල අවධානයක් මේ තුළින් හිමි වී ඇති බව ජාත්‍යන්තර වාර්තාවල දැක්වේ.

එම මෝටර් රථ සමාගමේ කොටසක විශේෂ අධි මිල ඩොලර් 37 දක්වා ඉහල ගොස් ඇති අතර එම කොටස්වලින් ඩොලර් බිලියන 85ක වෙළඳපොල අගයක් අත්පත් කර ගෙන තිබේ.

මේ දක්වා ඇමරිකාවේ ඉහලම කොටස් මිල සහ වෙළඳපොල අත්පත් කර ගෙන තිබූ ෆෝර්ඩ් සහ ජෙනරල් මෝටර්ස් සමාගම් අභිබවා වියට්නාමයේ Vinfast විදුලි මෝටර් රථ සමාගම වෙළඳපොල අත්පත් කර ගනිමින් සිටින බව එම වාර්තාවල දැක්වේ.

Facebook
Twitter
LinkedIn