ශ්රී ලංකාව ආර්ථික අතින් කොතරම් බංකොලොත් තත්වයකට ඇද දමා තිබුණද ජාත්යන්තර ක්රීඩාවලට සහභාගී වී ජයග්රහන ලබාදිය හැකි පාසල් සිසු දරුවන් සහ ජාතික මට්ටමේ ක්රීකඩ ක්රීඩිකාවන් අතිශය දුෂ්කර තත්වයන්ට ඇද දමා තිබේ.
මේ පිළිබඳ අලුත්ම තොරතුරු හෙලිවන්නේ මුලතිව් දිස්ත්රික්කයේ වැලිඔය සම්පත් නුවර ජාතික පාසලේ සිසුන් තිදෙනෙකු චීනයේ පැවැත්වෙන බේස් බෝල් ක්රීඩා තරඟ සඳහා සහභාගී වීමට රජයේ අනුග්රහය නොදැක්වීමයි. පසුගිය වසරේදි පළාත් සභා සුදු අලි වෙනුවෙන් අමතර වියදම් ලෙස රුපියල් කෝටි 14,000ක් වැඩි පුර දරා තිබෙන පසුබිමක රට වෙනුවෙන් ලෝකය ජය ගත හැකි පාසල් දරුවන්ට මෙම තත්වය අත්කර දී තිබේ.
බීබීසී සිංහල වෙබ් අඩවිය සම්පත් නුවර ජාතික පාසලේ දරුවෙන් තිදෙනා පිළිබඳව තබා තිබූ වාර්තාව උපුටා ගෙන පහත දැක්වේ.
බාධක මැද ජාතික බේස්බෝල් සංචිතයට ඇතුළත් වූ වැලිඔය දරුවෝ
මුලතිව් දිස්ත්රික්කයට අයත් වැලිඔය, සම්පත්නුවර ජාතික පාසලේ දරුවන් තිදෙනෙකු 15 ජාතික බේස්බෝල් සංචිතයට සුදුසුකම් ලබා තිබේ.
චීනයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ඔවුහු බ්රහස්පතින්දා (අගෝස්තු 17 ) දිවයිනෙන් පිටත්ව ගියහ.
ඒ සඳහා මුදල් සොයා දීමට වැලිඔය ප්රදේශවාසීන් සල්පිලක් ද පවත්වා තිබූ අතර කුඹුරු ඉඩම් සහ දේපළ උකස් කිරීමට සිදු වූ බව මව්පියෝ BBC සිංහල සේවයට පැවසුහ.
”කුඹුරු අක්කරය උකස් කරලා ලක්ෂයක් හොයා ගත්තා. ගෙවල් ළඟ කෙනෙක් එයාගේ බයිසකලය දුන්නා සල්ලි ගන්න. එහා ගෙදර නංගි එයාගේ චේන් එක දුන්නා උකස් කරලා සල්ලි ගන්න.” යනුවෙන් ආර්.ඩී නිහාල් ගුණරත්න කියා සිටියේය.
තවත් දරුවෙකුගේ පියෙකු වන චමින්ද කුමාර මෙලෙස පැවසුවේය.
”අපේ ළමයි ආසියානු කුසලාන බේස්බෝල් තරගාවලිය දිනලා ආවොත් ආයේ තරගවලට යවන්න සල්ලි නැහැ. තියෙන සේරම උකස් කරලා, විකුණලා ඉවරයි.”
පුහුණුවීමට ප්රමාණවත් පහසුකම් නොමැති වුව ද වැලිඔය, සම්පත්නුවර ජාතික පාසලේ දරුවෝ බේස්බෝල් තරග වලට ඉදිරිපත් වී සමස්ත ලංකා මට්ටමින් ජයග්රහණ රැසක් ලබා තිබේ.










