රනිල් සමඟ එක්වූ දිනේෂ් ටෙලිකොම්හි කොටස් සියල්ලම විකුණා දමයි

රජයට අයත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ භාණ්ඩාගාරය සතු සියලු කොටස් සහ අනෙකුත් රාජ්‍ය ආයතන සතුව පවතින ටෙලිකොම්හි කොටස් සියල්ලම හොර රහසේ විකුණා දැමීමට කටයුතු කර ඇති බව අනිද්දා පුවත්පත (අගෝස්තු 20) ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළිකර තිබේ.

ඒ අනුව භාණ්ඩාගාරය සතු කොටස් සහ සේවක අර්ථ සාධක අරමුදල, සේවා නියුක්කයන්ගේ භාරකාර අරමුදල, රාජ්‍ය බැංකු සහ වෙනත් රාජ්‍ය ආයතනවලට සුළු වශයෙන් හිමිකර ගෙන තිබූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් සියල්ලම මේ ලෙස විකුණා දැමීමට අදාළ කටයුතු රනිල් පොහොට්ටු ආණ්ඩුව විසින් සිදු කර තිබේ.

එම කොටස් විකිණිමෙන් ලබන ආදායම ස්ථාවර බැංකු ගිණුමක තැන්පත් කිරීමේ ලබා ගත හැකි පොලිය ටෙලෙකොම් ආයතනයෙන් දැන් ලබන ලාභයට වඩා විශාල වශයෙන් වැඩි බව විකිණීමේ තැරැව්කරුවන් කරුණු දක්වා තිබේ. මේ සම්බන්ධ සාකච්ඡාව අගෝස්තු 16 වෙනිදා දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාගේ කාර්යාලයේදී පවත්වා ඇති බවත් ඒ අනුව ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් සියල්ලම විකිණීම දිනේෂ් ගුණවර්ධන අගමැතිගේ සම්පූර්ණ අනුග්‍රහයෙන් සිදු කෙරෙන බව සනාථ වී තිබේ.

Facebook
Twitter
LinkedIn