පිරමීඩ් ජාවාරමේ යෙදී සිටින ආයතන 70කට වැඩි ප්රමාණයක් රට පුරා ක්රියාත්මක වන අතර ශ්රී ලංකා මහ බැංකුව එම ආයතන 8ක් පමණක් මේ වනවිට තහනම් කිරීමෙන් එම ජාවාරම්කාර ආයතන 62කට වැඩි ප්රමාණයක් නිදැල්ලේ කටයුතු කිරීමට ඉඩ සලසන ආණ්ඩුවේ කෙරුමන් කවුදැයි බරපතළ ප්රශ්නයක් මතුවී තිබේ.
වර්තමානයේ ක්රියාත්මක පිරමීඩ ජාවාරම්කාර ආයතන සියල්ලම පාහේ 2019න් පසුව ආරම්භ කරන ලද ඒවා බවත් එයට පෙර පැවති ආණ්ඩු යටතේ පැවති පිරමීඩ ජාවාරම් ආයතන ඉන් පසු ක්රියාත්මක නොවූ බවත් මහ බැංකු විමර්ශන තොරතුරුවලින් හෙළිවී ඇත. දැනට රට පුරා නිදැල්ලේ ක්රියාත්මක වන ආයතන ගණනාවක් ආණ්ඩුවේ ඉහලම නායකයින් සහභාගී වන ආගමික පුණෝත්සව සහ වෙනත් ජාතික මට්ටමේ වැඩ සටහන්වලට විශාල වශයෙන් මුදල් පොම්ප කරන බව හෙළි වී තිබේ.
මෙවැනි සමාගමක් තහනම් කර එහි මූලිකයන් අත්තඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කිරීමත් සමඟ ඔවුන්ට රටින් පලායාම සඳහා සියලු පසුබිම ආණ්ඩුවේ ඉහලම තැන්වලින් ලැබී ඇති බව මේ වනවිට තහවුරු වී ඇත. මෙම ජාවාරම් සඳහා රුපියල් 50,000/- සිට ලක්ෂ 10 පමණ දක්වා රැවටීමට ලක් වූ දුප්පත් මිනිසුන් විසින් ආයෝජනය කර ඇති අතර වෙනත් ක්ෂේත්රවලින් ජාවාරම්කාරී ලෙස මුදල් උපයන්නන් සීමිත පිරිසක් ද පිරමීඩවලට ගොදුරු වී ඇති බව අනාවරණය වී ඇත.










