හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබේ. දේශපාලනයෙන් සමුගැනීමේ උත්සවය ලබන 07දා සවස 03.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
පසුගිය පාර්ලිමේන්තුව 2010 අප්‍රේල් මස ආරම්භයේ සිටම බොහෝ ප්රජාතන්ත්ර විරෝධී කටයුතුවලට අනපනත් සම්මතකර ගත් අතර එම අවස්ථාවලදී කතානායක වරයා වශයෙන් චමල් රාජපක්ෂ මහතා දැඩි අසීරු තත්වයක් කයටත් කටයුතු කළේය.
මෙම මහා මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව කතානායක වරයා විශ්‍රාම ගන්නා බව අප මුලින්ම හෙළි කළේය. එමෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා අතර බොහෝ දේශපාලන එකඟතාවයන් ඇතිවෙමින් තිබෙන බවද අනාවරණය කළෙමු. මේ වන විට එම දේශපාලන එකඟතාවයන් පිළිබඳව ක්‍රියාත්මක වෙමින් මෛත්‍රී මහින්ද දෙදෙනා මහා මැතිවරණය සඳහා එකම පක්ෂයකින් තම කණ්ඩායම් ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටිති.
ආශ්රිත පුවත්
මෛත්‍රී – මහින්ද මෙගා ඩීල් හෙළිවෙයි









