රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පොහොට්ටු මන්ත්‍රීවරුන් ප්රමුඛ පිරිස විසින් තෝරා පත්කර ගත් පසු හිස් වූ එජාප මන්ත්‍රී ධුරය ලබා දුන් වජිර අබේවර්ධන එළඹෙන ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහගේ සියලු මෙහෙයුම් කටයුතු කරන්නා ලෙස මේ වනවිටත් පැහැදිලි වේ.
පසුගිය රනිල් මෛත්‍රී හවුල් පාලන සමයේදී අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස සුවිශේෂී වැඩ කොටසක් කරමින් සිටි දිල්රුක්ෂි ඩයස්ට එරෙහිව ප්‍රබල කුමන්ත්‍රණයක් දියත් කර තිබුණේ වජිර අබේවර්ධන විසිනි. එවකට ඇමතිවරයෙකුව සිටි වජිර අබේවර්ධන, අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරිය හමුවීමට අවස්ථාවක් යොදා ගෙන ඇවන්ගාඩ් ආයතනයේ නිස්සංක සේනාධිපති දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර එම ඇමතුම අධ්යක්ෂ ජනරාල්වරියටද ලබා දී නිස්සංක සේනාධිපති එය පටිගත කර තිබිණි. පසුව එම ඇමතුම සංස්කරණය කර පොහොට්ටු පක්ෂයේ සිටි ප්රබලයන්ට ලබාදී සමාජ මාධ්‍යවලට ද මුදාහැර ව්‍යාජ ප්‍රචාරයක් දියත් කරනු ලැබීය. ඒ හේතුවෙන් අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් දිල්රුක්ෂි ඩයස් හට ඉල්ලා අස්වීමට සිදුවූ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ ඇය දරමින් සිටි තනතුරෙන් ද විනය හේතු මත ඉවත් කරනු ලැබීය.
එම කුමන්ත්රණයෙන් වසර 5කට ආසන්න කාලයක් ගත වූ පසුව අදාළ හඬපටය සංස්කරණය කරන ලද එකක් බව තහවුරු වී අදාළ චෝදනාවලින් හිටපු අධ්යක්ෂ ජනරාල්වරිය නිදහස් කරනු ලැබීය. එහෙත් ගෙවුණු කාලය තුළ අල්ලස් කොමිසම හමුවේ විභාග වූ රාජපක්ෂලාගේ වංචා දූෂණ ඇතුළු ඔවුන්ගේ හිතවතුන්ගේ සියලු පරීක්ෂණ සහ අධිකරණ ක්‍රියාමාර්ග ඉවත දමනු ලැබීය.
මෙම සමස්ත ක්‍රියාවලියට මූලික සැලසුම් සහගත කුමන්ත්‍රණය සිදුකළ වජිර අබේවර්ධන රනිල් වික්‍රමසිංහ සමඟ මේ වනවිට ප්‍රබල දේශපාලන මෙහෙයුම් දියත් කරමින් සිටී.









