තම දරුවන්ගේ අනාගතය ගැන මාපියන්ගේ ආතතිය දෙගුණයක් වෙලා

තම දරුවන්ගේ අනාගතය ගැන මාපියන්ගේ ආතතිය දෙගුණයක් වෙලා

ආර්ථිකය කඩා වැටීමත් සමඟ තම දරුවන්ගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය මුල් කර ගෙන දෙමාපියන්ගේ ආතතිය ද, අපේක්ෂාභංගත්වයට පත්වීමෙන් තරුණ තරුණියන්ගේ ආතතිය ද ප්‍රමුඛ වී සමස්ත ජනතාවගේ ආතතිමය තත්වය රෝගී තත්වයක් දක්වා වර්ධනයවීම දෙගුණයක් වී ඇති බව අනාවරණය වේ.

විශේෂයෙන්ම මේ පිළිබඳව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් ඉරිදා ලංකාදීප පුවත්පතට කරුණු හෙළිකර ඇත. වෙනත් රජයේ රෝහල්වලද මානසික වෛද්‍යවරුන් හමුවීමට පැමිණෙන රෝගීන් ප්‍රමාණය දෙගුණ වී ඇති බව වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මෙම තත්වයට මූලික හේතු හැටියට හඳුනාගෙන තිබෙන්නේ ජීවිත පිළිබඳ අවිනිශ්චිතතාවය සහ සියලු කරුණු සම්බන්ධයෙන් ඍණාත්මක පසුබිම බවද විශේෂඥ මනෝ වෛද්‍යවරයා හෙළිකර තිබෙන අතර මෙම ආතතිමය තත්වය සමාජ වෛරයක් ලෙස පිටකරන අවස්ථා ද ඇති බව අනාවරණය කර ඇත.

ආර්ථික පීඩනය නිසා මානසික රෝගාබාධවලට ගොදුරුවන්නන් පිළිබඳව මේ අවස්ථාවේදී විශේෂ සමීක්ෂණයක් සිදු කිරීම අත්‍යාවශ්‍ය බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn