පාර්ලිමේන්තු සතිය හෙටින් ඇරඹේ

පාර්ලිමේන්තු සතිය හෙටින් ඇරඹේ

මේ මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය හෙට (08) දිනයෙන් ආරම්භ වීමට නියමිතිය.

ඒ අනුව එය ලබන 11 වනදා දක්වා දින 04ක් රැස්වනු ඇත. ඒ අනුව හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භ වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හෙට පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා 2023 වසර මැද මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල්තැබීමේ විවාදයක් පැවැත්වීමටද නියමිතය.

Facebook
Twitter
LinkedIn