වසංගත රෝගී තත්වයක් හේතුවෙන් වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබුණු සංචරණ සීමාවන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
බන්ධනාගාරය තුළ සරම්ප රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා එම පරිශ්‍රය තුළ සංචරණ සීමා පැනවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.
පසුගිය මස 25 වනදා සිට සති දෙකක කාලයක් පනවා තිබූ සංචරණ සීමා අද (07) දිනයෙන් අවසන් වීමට නියමිතව ඇති අතර ඊට සුදුසු තත්වයක් බන්ධනාගාරය තුළ පවතින බවට වව්නියා ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් තහවුරු කර ඇත.
ඒ අනුව හෙට (08) සිට සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් වව්නියා බන්ධනාගාර නිලධාරීන් වෙත දැනුවත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Views: 0










