වේයන්ගොඩ ජාතික පාසලක සිසුන් 27ක් රට හැර ගිහින්

වේයන්ගොඩ ජාතික පාසලක සිසුන් 27ක් රට හැර ගිහින්

වේයන්ගොඩ ශාන්ත මරියා ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ සිසු දරු දැරියන් 27 දෙනෙකු මාස තුනක් වැනි කෙටිකාලයකදී විදේශ රටවල අධ්‍යාපනය සඳහා පාසලෙන් අස්වී ගොස් ඇතැයිද ඒ තත්වය රටක් වශයෙන් අහිතකර යැයිද විදුහල්පති බී.ඩී.අයි.කේ කරුණාරත්න අවධාරණය කරයි.

විදුහල්පති වරයා මේ බව අවධාරණය කළේ 1985 සිට පුරා වසර 21ක කාලයක් ශාන්ත මරියා විදුහල වෙනුවෙන් ක්‍රීඩා කටයුතුවල යෙදුණු ආදි සිසුන්ගේ සුහද හමුවේදී අදහස් දක්වමිනි.

ක්‍රීඩාවේ වැදගත්කම අවධාරණය කළ විදුහල්පතිවරයා ගත වූ කාලයේ රටේ උද්ගත වූ තත්වය හමුවේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රට හැර විදේශ පදිංචියට යාම නිසා පළමු ශ්‍රේණියේ සිට පස්වන පස් වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබූ ඔවුන්ගේ දරුවන් 27 දෙනකු මෙසේ තම පාසලෙන් අස්වී ගොස් ඇති බව පැවසීය.

මේ තත්වය ඉතාමත් නරක පූර්වාදර්ශයක් වනු ඇති බවද විදුහල්පති බී.ඩී.අයි.කේ කරුණාරත්න මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Facebook
Twitter
LinkedIn