විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකරගේ මාතර පිහිටි නිවෙසට සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තා වේ.
ඊයේ (05) උදෑසන සිට මෙම විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර එලෙස ආරක්ෂාව යොදවා ඇත්තේ වගාවන්ට ජලය නිදහස් කරන්නැයි ඉල්ලමින් අරගලයක නිතරව සිටින ගොවීන් එම නිවස වැටලීමට ඒමට ඉඩ ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත බවද වාර්තා වේ.
ඇමති කංචන විජේසේකරගේ නිවසට ඇතුළු වීමට ඇති ප්‍රවේශ මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා ආරක්‍ෂාව තර කර ඇති බවත් ඔහුගේ නිවස දෙසට ඇති මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයන් හා කණ්ඩායම්ද පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.
අත්‍යාවශ්‍ය මොහොතක කැඳවීම සඳහා යුධ හමුදාවද සීරුවෙන් තබා ඇතැයි වාර්තා වේ.
ඇමති කංචනගේ නිවස අවට වෙසෙන ප්‍රදේශවාසී ජනතාවට මෙම් විශේෂ පොලිස් මාර්ග බාධක හේතුවෙන් දැඩි පීඩාවකට ලක්ව ඇතැයිද වාර්තා වේ.
Views: 0










