ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට තර්ජනාත්මකව කරුණු දැක්වීම සඳහා මූලික කරගෙන තිබේනනේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරිමට අදාල සංශෝධන පාර්ලිමේන්තුවේ පොහොට්ටු මන්ත්‍රීවරු ප්රමුඛ 122ක් විසින් සම්මත කර දී තිබෙන බලතල මගින් ගැහැණියක පිරිමියක කිරීමටත් පිරිමියෙකු ගැහැණියක කිරීමටත් පමණක් නොහැකි බවට ජේ.ආර් ජයවර්ධන කළ ප්‍රකාශය ඉක්මනවා යන බලතල ලබා දීමක් බව අනාවරණය වේ.
පසුගිය ජුනි 28 වෙනි දින කැබිනට් සංදේශයක ඇමුණුමක් ලෙස ඉදිරිපත් කර තිබෙන “ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය” යන සිරස්තලයෙන් යුතු ලිපිය මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දී තිබෙන අසීමිත බලතල පිළිබඳව අනාවරණය වේ. මෙම ලිපියේ “ජනරජයේ දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා අවශ්‍ය සියලුම අවසර මුදල්, ආර්ථික ස්ථීයීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය තුමාට ලබා දීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.” යනුවෙන් සඳහන් වගන්තිය උපයෝගී කරගෙනය.
පොල් වගාකරුවන්ගේ සම්මේලනයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබුණේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝගවලට යටත් නොවන බවය. මෙම ප්‍රකාශය අධිකරණ විනිසුරුවරුන්ට සෘජුවම තර්ජනය කිරීමක් බවත් එය පිළිකුළෙන් යුතුව හෙලා දකින බව සහ එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන බව ජාතික ජන බලවේගයේ නීතීඥයෝ සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරනු ලැබීය.










