වී වගාව සඳහා අවශ්‍ය ජලය මුදා නොහැරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් සහ වහාම වාගවට ජලය ලබාදෙන ලෙස ඉල්ලමින් මේ දිනවල ගොවි ජනතාව රටේ ප්‍රදේශ රැසක විරෝධතා ආමර්භ කර ඇති අතර හම්බන්තොට, අම්පාර සහ මොණරාගල ඒ අතර විශේෂිතය.
ඊයේ (04) දිනයේ ගොවි ජනතාව දහස් ගණනක් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පුමුඛව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගේ හම්බන්තොට පිහිටි නිවස ඉවස ඉදිරිපිට විරෝධතාවයක නිතරවූ අද (05) දිනයේද උඩවලව ජලාශයට ප්‍රමාණවත් ජල ධාරිතාවක් සමනල වැවෙන් මුදාහරින ලෙස ඉල්ලමින් සමනල වැව ජලාශය අසළට පැමිණ විරෝධතාවක නිරතව සිටිති.
ඔවුන් පවසන්නේ ජලය මුදාහරින තෙක් තමන් එම ස්ථානයෙන් ඉවත්වී නොයන බවය.
ඒ අනුව සමනල වැව ජලාශය අවට අද ආරක්ෂාව තර කර තිබෙන ආකාරය දක්නට ලැබේ.
පවතින වියළි කාලගුණයත් සමග උඩවලව ජලාශයේ ජලය සිඳීයෑම නිසා තම වගාවන්ට ජලය නොමැතිව එම ප්‍රදේශයේ ගොවීන් පීඩාවට පත්වී සිටිති.
වලව මහවැලි බලප්‍රදේශයේ කුඹුරු හෙක්ටයාර් 12,000කට අධික ප්‍රමාණයකට උඩවලව ජලාශයෙන් ජලය සපයන අතර අද වනවිට ජලාශයේ ඇති සක්‍රීය ජල ප්‍රතිශතය සියයට 1.4ක් පමණි. මේ හේතුවෙන් පවුල් 86,000 ක් පමණ බලපෑමට ලක්වී තිබේ.
එවැනි පසුබිමක උඩවලව ජලාශයට ප්‍රමාණවත් ජල ධාරිතාවක් සමනල වැවෙන් මුදාහරින ලෙස ඉල්ලා ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයටද අදට දින 13ක් සටහන් වේ.



















