“නිල් වික්‍රමසිංහ මේ විදියට අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් EPF එක සහ ETF එක ඇතුළු විශ්‍රාම අරමුදල් කොල්ලකෑමේ සැලැසුමට විරුද්ධව පවරා තිබෙන නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නිසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකම්වලට වාගේම EPF සහ ETF අරමුදල් පිහිටුවා තිබෙන පනත්වලටත් පටහැණිව මේ අරමුදල කොල්ලකන්න හදනවා. මේ කොල්ලකෑම අතුරු නියෝගයකින් නවත්වයි කියන බයට මේ වගේ ප්‍රකාශ කරනවා. ඒ පෙත්සම්වල රනිල් ඇතුළු කැබිනට් මණ්ඩලය වගඋත්තරකරුවන් කර තිබෙනවා. මේ රටේ දේපොළ කොල්ලකමින්, මහජනයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් පාලකයන් කටයුතු කරන කොට මහජනයාට යන්න තියෙන්නේ අධිකරණයට. ජේ.ආර්.ගේ කාලයේ නම්, විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ගල් ගැහුවා. මහින්දගේ කාලයේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් ඉවත් කළා. හැබැයි, අන්තිමට අහිමි වුණේ පාලකයන්ගේ පුටු බව මතක තබාගත යුතුයි. අධිකරණයට අත තියන්න උත්සාහ කළ පාලකයන්ට ඉතිහාසයේ කුණුබක්කිය ඉතිරි වුණේ. ජනතාවට බය රනිල් ජනතාවගේ බලයට අත තියන්න විවිධ උත්සාහයන් දරනවා. ජන වරමක් නැති මිනිහෙක් ජනතාවගේ බලයට තර්ජනය කිරීම හමුවේ කවුරු බය වුණත්, ජාතික ජන බලවේගය හෝ ජාතික ජන බලවේගයේ නීතිඥයෝ බය නොවන බව අවධාරණය කරනවා.” යැයි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල අවධාරණය කරයි.
ඔහු මෙලෙස අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (05) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව අමතමිණි.
එහිදී ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල වැඩිදුරටත් දැක්වූ අදහස්,
“පොල් වගා කරන්නන්ගේ සංගමයේ රැස්වීමකදී 04වැනිදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කළ ප්‍රකාශකයකින් අධිකරණයටත්, අධිකරණයේ ස්වාධීනත්වයටත්, ජනතාවගේ පරමාධිපත්‍ය බලයටත් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. ව්‍යවස්ථා විරෝධී, අනීතික, සදාචාර විරෝධී ප්‍රකාශයක් ඔහු කර තිබෙන්නේ. සියලු විද්‍යුත් මාධ්‍ය මඟින් ඒ ප්‍රකාශය විසුරුවා හැරියා. රනිල් වික්‍රමසිංහ මේ ප්‍රකාශය කරන්නේ ව්‍යවස්ථාව හරියට නොකියවා හෝ හිතාමතා විකෘති කිරීමක් ලෙසයි. ජනතාවගේ බලය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව බැවින් වෙනත් තැන්වල තීන්දු තීරණ ගත නොහැකි බව ඔහු කියනවා. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් විශාල විවාදයක් ඇතිවී තිබෙනවා.
ජනතාවගේ බලය ක්‍රියාත්මක වෙන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය මගින්. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘4 අ’ මඟින් ‘4 ආ’ සහ ‘4 ඇ’ මඟින් බෙදා වෙන්කරදී තිබෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවේ මුල්ම පිටුවේ ‘ස්වස්ති’ කියන කොටසේ නිදහස, සමානාත්මතාව, යුක්තිය, මානව අයිතිවාසිකම් සහ අධිකරණයේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ක්‍රියාත්මක විය යුතු බව දක්වා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පත් කරගත යුත්තේ, ජනතාවගේ ඡන්දයෙන්. ‘4 ආ’ වගන්තියේ ඒ බව හරි පැහැදිලිව තිබෙනවා. ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයකු මඟින් ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කළ යුතු බව එහි පැහැදිලිව දක්වා තිබෙනවා. නමුත් මේ වගන්තිය කියවන්න රනිල් වික්‍රමසිංහ බයයි. මේ නිසා ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් ‘4 අ’ වගන්තියට ඔහු මුවා වෙනවා. රනිල් පත්වුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 134 දෙනකුගේ ඡන්දයෙන් නිසා ඔහු ‘ආ’ වගන්තිය මඟහැර ඒ වාගේම ‘4 ඇ’ වගන්තියත් මඟහැර යනවා. ‘4 ඇ’ වගන්තියෙන් කියන්නේ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධවයි.
රනිල් වික්‍රමසිංහ මේ විදියට අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් EPF එක සහ ETF එක ඇතුළු විශ්‍රාම අරමුදල් කොල්ලකෑමේ සැලැසුමට විරුද්ධව පවරා තිබෙන නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නිසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකම්වලට වාගේම EPF සහ ETF අරමුදල් පිහිටුවා තිබෙන පනත්වලටත් පටහැණිව මේ අරමුදල කොල්ලකන්න හදනවා. මේ කොල්ලකෑම අතුරු නියෝගයකින් නවත්වයි කියන බයට මේ වගේ ප්‍රකාශ කරනවා. ඒ පෙත්සම්වල රනිල් ඇතුළු කැබිනට් මණ්ඩලය වගඋත්තරකරුවන් කර තිබෙනවා. මේ රටේ දේපොළ කොල්ලකමින්, මහජනයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් පාලකයන් කටයුතු කරන කොට මහජනයාට යන්න තියෙන්නේ අධිකරණයට. ජේ.ආර්.ගේ කාලයේ නම්, විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ගල් ගැහුවා. මහින්දගේ කාලයේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් ඉවත් කළා. හැබැයි, අන්තිමට අහිමි වුණේ පාලකයන්ගේ පුටු බව මතක තබාගත යුතුයි. අධිකරණයට අත තියන්න උත්සාහ කළ පාලකයන්ට ඉතිහාසයේ කුණුබක්කිය ඉතිරි වුණේ. ජනතාවට බය රනිල් ජනතාවගේ බලයට අත තියන්න විවිධ උත්සාහයන් දරනවා. ජන වරමක් නැති මිනිහෙක් ජනතාවගේ බලයට තර්ජනය කිරීම හමුවේ කවුරු බය වුණත්, ජාතික ජන බලවේගය හෝ ජාතික ජන බලවේගයේ නීතිඥයෝ බය නොවන බව අවධාරණය කරනවා.
අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කරන විනිසුරුතුමන්ලාට හිස නමා ආචාර කරන අතර, කොන්ද පණ නැති කතාවලට නොසැලෙන ලෙස ගරු විනිසුරුතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. ලක්ෂ හැටනවයක ජන වරමක් ලබාගෙන බලයට පත්වුණු කෙනාට පස්සා දොරෙන් පැනලා යන තැනට මහජන බලය බලවත් වූ බව මතක් කරනවා. ජනතාවගේ EPF සහ ETF අරමුදල් සම්බන්ධයෙන් මේ ප්රශ්නය විසඳන්න පෙත්සම් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාමාර්ගවලට විධායකයේ ප්‍රධානියා හැටියට රනිල් වික්‍රමසිංහ තර්ජනය කිරීම අපි දැඩි සේ හෙළාදකිනවා. ජනතාවගේ පරමාධිපත්‍ය බලය වෙනුවෙන් අපි හෙට දවසේත් පෙනී සිටින බව මතක් කරනවා.”










